විදුලියේ තනතුරකට ’’කෝප්’’ කෝප වෙයි

විදුලි බල මණ්ඩලයේ විගණක ලෙස වැඩබලන නිලධාරිනියක මාස 11ක් තිස්‍සේ රාජකාරී අවරණය කිරීම සම්බන්ධයෙන් කෝප් කමිටුව එහි නිලධාරීන්ට අප්‍රසාදය පළ කළේය.

විශාල මුදල් ප්‍රමාණයක් සංසරණය වන ආයතනයක් ලෙස ‍ශ්‍රී ලංකා විදුලි බල මණ්ඩලය වෙනුවෙන් සථිර අභ්‍යන්තර විගණකවරයෙකු  නොසිටීම කණගාටුවට කරුණක් බව කාරක සභාව පෙන්වා දී ඇත.

මෙහිදී නිලධාරීන්  පවසා ඇත්තේ  මෙම තනතුර සඳහා සුදුස්සකු බඳවාගැනීමට සම්මුඛ පරීක්ෂණ ඉදිරියේදී පවත්වන බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *