තැපෑල මොඩ් කරන්න මිලියන 2085ක්

මෙරට තැපැල් සේවාවේ අනාගත නව්‍යකරණයට රුපියල් මිලියන 2085ක මුදලක් මෙම වර්ෂයේ වෙන්කර ඇති බව සෞඛ්‍ය සහ ජනමාධ්‍ය  අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවැසීය.

ගාල්ල බලපිටිය නව තැපැල් කාර්යාල ගොඩනැගිල්ල සදහා  මුල්ගල තැබීමට සහභාගී වෙමින් අමාත්‍යවරයා මේ බව කීය.

යෝජිත බලපිටිය නව තැපැල් කාර්යාල ගොඩනැගිල්ල ඉදිකිරීම සඳහා වෙන්කර ඇති මුදල රුපියල් මිලියන 12.22 කි. මෙම වර්ෂය නිමවීමට පෙර මෙහි ඉදිකිරීම් අවසන් කිරීමට සැලසුම් කර ඇත.

දීර්ඝ ඉතිහාසයකට හිමිකම් කියන බලපිටිය තැපැල් කාර්යාලය මේවන තෙක්  විවිධ ස්ථාන වල කුලී පදනම මත පවත්වාගෙන යනු ලැබීය. වර්තමානය වනවිට පළමු ශ්‍රේණියේ තැපැල් කාර්යාලයක් වන බලපිටිය තැපැල් කාර්යාලයෙන් සෘජුවම සේවය සැලසෙන පවුල් සංඛ්‍යාව 5520 කි. රජයේ ආයතන 48 කට සහ හෝටල්, කර්මාන්ත ශාලා ඇතුළු ආයතන රැසකට  මෙම තැපැල් කාර්යාලය මගින් සේවය සලසනු ලබයි. මේවන විට ගාල්ල දිස්ත්‍රික්කය තුළ තැපැල් කාර්යාල 40 ක් ස්ථාපනය කර ඇති අතර උප තැපැල් කාර්යාල ගණන 215 කි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *