මිද්දෙණිය ද්විත්ව ඝාතනයට තුනක් මාට්ටු

මිද්දෙනිය පොලිස් වසමේ තෝර කොළ යාය තේක්ක කැලයේදී පුද්ගලයන් දෙදෙනකු ඝාතනයය කිරීමේ සිද්ධියට අදාලව තෝර කොළ යායේම පදිංචිකරුවන් තිදෙනෙකු අවි ආයුධ රැසක් සමග පෙරවරුවේදී තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට පත් සැකකරුවන් සන්තකයේ තිබී ටී 56 ගිනි අවියට යොදන උණ්ඩ 18ක් මැගසින් 02ක් මි.මි.09 වර්ගයේ ගිනි අවියක් හා උන්ඩ 58 ක් බෝර දොළහ වර්ගයේ ගිනි අවියක් හා උණ්ඩ 25ක් මාංචු කූට්ටම් 01ක් හෙරොයින් මිලිග්‍රෑම් 300ක් පොලිස් භාරයට ගෙන තිබේ.

අත්අඩංගුවට පත් සැකකරුවන් වයස අවුරුදු 24,25,26 පසුවන අය බවද පොලිසිය කියයි.මොවුන් සියලු දෙනා මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ අය බවත් මෙම ද්විත්ව ඝාතනය අත්අඩංගුවට පත් තැඹිලි ලහිරුගේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් වශයෙන් කටයුතු කොට ඇති බවත් අනතුරුව ඝාතකයන් හා ඝාතනයට ලක් වූ දෙදෙනා අතර වූ ගැටුමක් මෙම අපරාධයට හේතු වී ඇති බවත් පොලිසිය විසින් සොයාගෙන තිබේ.

අත්අඩංගුවට පත් සැකකරුවන් අද දින මිද්දෙණිය පොලිසියට භාර දුන් අතර ඔවුන් හෙට දින වලස් මුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *