ඇල්ලේ බස් අනතුරින් මිය ගණන 15ක්

විනෝද චාරිකාවක් ගිය පුද්ගලික බස් රථයක් (04) වෙනිදා රාත්‍රී 09.20 පමණ ඇල්ල වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල මවුන්ට් 07 හෝටලය අසළින් ප්‍රපාතයකට පෙරළීමෙන් මිය ගිය පුද්ගලයන්ගේ සංඛ්‍යාව 15ක් බව පොලීසිය කියයි. රියදුරු ඇතුළු පිරිමි පුද්ගලන් 6ක් හා කාන්තාවන් 9ක් මෙසේ ජීවිතක්ෂයට පත්ව තිබේ.

පොලීසිය,යුද හමුදාව සහ පොලිස් විශේෂ කාර්ය බළකාය ප්‍රදේශවාසීන් සමඟ එක්ව අනතුරට පත්වූ බස් රථයෙන් විසිවී තුවාල ලබා සිටින මගීන් බේරාගෙන තිබේ..

මෙම රථය තංගල්ල ප්‍රදේශයේ සිට විනෝද චාරිකාවකට පැමිණ ආපසු යමින් සිටියදී මෙම අනතුරට මුහුණ දී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *