එක්ස්ප්‍රස් පර්ල් විමර්ශනයකට සමාගම් ලොක්කෙක් දැලේ

එම් වි එක්ස්ප්‍රස් පර්ල්  නෞකාව ශ්‍රී ලංකා මුහුදු තීරයේදී ගිනි ගැනීම සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයකට අදාළව පුද්ගලික සමාගමක නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි  අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ සි කොන්සෝටියම් ලංකා පුද්ගලික සමාගමේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි වරයායි.

ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් නියෝගයක්යක් අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු  මගින් සිදු කරන විමර්ශනයකට අදාළව සැකකාර සාමාන්‍යාධිකාරි  මූල්‍ය විමර්ශන අංශ 3 වෙත කැඳවා ප්‍රකාශ ලබා ගැනීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන ඇත.

එම් වි  එක්ස්ප්‍රස් පර්ල් නෞකාව 2021 වසරේදී මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමේ සිද්ධියේ ඇති වූ පාරිසරික හා ආර්ථික හානිය වෙනුවෙන් ඇමරිකානු ඩොලර් බිලියනක වන්දියක් මෙරට  ගෙවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අදාල නැව් සමාගමට නියෝග කෙරිණි.

ශ්‍රේෂ්ඨාධිකරන අග විනිසුරු මුර්දු ප්‍රනාන්දු  මහත්මිය ප්‍රමුඛ පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් එම නියෝගය නිකුත් කෙරිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *