ඔම්බුස්මන් කාර්යාලයේ පුටු බාගෙට බාගයක් හිස්?

ඔම්බුස්මන්  කාර්යාලයේ තනතුරුවලින් අඩකට අාසන්න සංඛ්‍යාවක්  එනම් පහළොවක් පුරප්පාඩුවී ඇති බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන්වේ.

මින් පරිපාලන නිලධාරී තනතුර වසර හයකට වැඩි කාලයක සිට පුරප්පාඩුවී පවතින හෙයින් ආයතනයේ අරමුණු ක්‍රියාත්මක කිරීමට බාධාවක් විය හැකි බවද  එහි දැක්වේ.

ඔම්බුස්මන් කාර්යාලයේ අනුමත සේවක සංඛ්‍යාව තිස් දෙකකි.

රාජ්‍ය සහ වෙනත් ඒ හා සමාන ආයතනවල නිලධාරීන්ගෙන් සිදුවන පරිපාලනය අසාධාරණකම් පිටුදැකීම මෙම කාර්යාලයට පැවරී ඇති වගකීම වේ.

මෙම තොරතුරු සඳහන් වන්නේ ඔම්බුස්මන්  කාර්යාලයේ 2024 වාර්ෂික වාර්තාවට ඇතුළත් කරනු ලැබ ඇති විගණන ලේඛනයේය.

මෙම වාර්ෂික වාර්තාව පාර්ලිමේන්තුවට ඉකුත්දා ඉදිරිපත් කෙරිණ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *