තව වර්ග කිලෝමීටර් 23ක බිම් බෝම්බ

බිම් බෝම්බ නොමැති බවට නිසැක කර ගැනීමට උතුරු නැගෙනහිර තවත් වර්ග කිලෝමීටර් 23 කට ආසන්න භූමි ප්‍රදේශයක් ඉතිරිව පවතින බව බිම් වෙඩි සඳහා ක්‍රියාකාරී ජාතික මධ්‍යස්ථානය පවසයි.

2002 සිට මේ දක්වා වර්ග කිලෝමීටර් 1300කට වැඩි භුමි ප්‍රදේශයක් බිම්බෝම්බ හා පුපුරා නොගිය යුධෝපකරණ වලින් තොර කර අවතැන් වුවන් නැවත පදිංචි කිරීමට සහ අනෙකුත් යටිතල පහසුකම් සංවර්ධනය වෙනුවෙන් නිදහස් කර ඇතැයි බිම් වෙඩි සඳහා ක්‍රියාකාරී ජාතික මධ්‍යස්ථානය සඳහන් කරයි.

බිම්බෝම්බ තහනම් කිරීමේ ප්‍රඥාප්තිය (Anti Personal Mine Ban Convention – APMBC) සඳහා ශ්‍රී ලංකාව අත්සන් තබා ඇති අතර ඒ අනුව 2028 ජුනි මස 1 වන දින වන විට ශ්‍රී ලංකාව බිම්බෝම්බ හා පුපුරා නොගිය යුධෝපකරණ වලින් තොර රටක් බවට ප්‍රකාශයට පත් කළ යුතුව ඇතැයි එම මධ්‍යස්ථානය වැඩිදුරටත් කියයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *