අරුණගේ විශ්වාසභංගෙන් මැතිසබේ ලේකම්වරුත් පඹ ගාලක

නියෝජ්‍ය අමාත්‍යවරයෙකුට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් ගෙන ඒමේ හැකියාව සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සහ විවිධ අණ පනත්වල පැහැදිලි ආකාරයට සඳහන්ව නැති හෙයින් ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව ගෙන ඒමට ඇති හැකියාව සම්බන්ධයෙන් ස්ථිර මතයක් ප්‍රකාශ කිරීමට පාර්ලිමේන්තු ලේකම් මණ්ඩලයද අපොහොසත්ව ඇතැයි වාර්තාවේ.

මේ අනුව විශ්වාසභංග යෝජනාව විවාදයට ගන්නවාද නැද්ද යන්න සම්බන්ධයෙන් කතානායකවරයාටම තීරණයක් ගැනීමට සිදුවනු ඇතැයි ආරංචි මාර්ග සඳහන් කළේය.

විශ්වාසභංග යෝජනා ඉදිරිපත් කළ හැකි ආකාරය සහ ඊට අදාළ නීතිමය තත්ත්වය සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සහ අණ පනත්වල විවිධ තැන්වල ඇති කරුණු කතානායකවරයාට පෙන්වාදීමට පමණක් ලේකම් මණ්ඩලය බලාපොරොත්තුවෙන් සිටින බව දැනගන්නට ඇත.

එම වාර්තාව කතානායකවරයාට අද හෙටම බාරදීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *