යාපනයෙන් ගිනි අවි 30ක්

යාපනය පොලිස් වසමට අයත් කොට්ටඩි ප්‍රදේශයේ තිබී ගිනි අවි 30ක් හා පතුරම් තොගයක්   සොයා ගත බව පොලිසිය සදහන් කරයි.

පුද්ගලික ඉඩමක් තුල තිබී මෙම ගිනි අවි හා පතුරම් තොගය සොයා ගැනීමට පොලිසියට හැකිවී තිබේ.

අදාළ ඉඩමේ වැසිකිලි වැලක් කැපීම සදහා යාමේදී මෙම ගිනි අවි හා උන්ඩ තොගය නිවැසියන්ට හමුව ඇති අතර පසුව නිවැසියන් විසින් ඒ පිළිබද යාපනය පොලිසිය දැනුවත් කර තිබේ.

පසුව පොලිසිය යාපනය අධිකරණයට කරුණු ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අධිඅකරන නියෝග මත එම ප්‍රදේශයේ අවි යුධ සොයා පොලිසිය මෙහෙයුමක් ක්‍රියාත්මක කරන ලදී.

එහිදී ටි . 56 වර්ගයේ ගිනි අවි 30 ක් උන්ඩ 5000 ක් පමණ සොයා ගැනීමට පොලිසිය කටයතු කර තිබේ.

යාපනය මහේස්ත්‍රාත් ඒ.ඒ. ආනන්දරාජා මහතා ඉදිරියේදී මෙම ගිනි අවි හා පතුරම් තොගය පොලිසිය පොලිස් විශේෂකාර්ය බලාකාය ඇතුළු නිලධාරීන් විසින් ගොඩ ගන්නා ලදී.

අදාළ යුධ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ යාපනය පොලිසිය විසින් සිදු කරනු ලබයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *