කාදිනල් -ජනපති හමුවක්

මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරු තුමන් -කතෝලික රදගුරු සම්මේලනය සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර හමුවක් ජනාධිපති කාර්යාලයේදී ‌ පැවැත්විණි.

වසරකට තෙවතාවක් පැවැත්වෙන කතෝලික රදගුරු සම්මේලනයේදී සාකච්ඡා වූ මූලික කරුණු පිළිබඳව මෙහිදී කාදිනල් තුමන්  විසින් ජනාධිපතිවරයා දැනුවත් කරන ලදී.

එසේම, කතෝලික සභාවේදී මතු වූ අදහස් සහ යෝජනා පිළිබඳවද මෙම සාකච්ඡාවේදී අවධානයට ලක් කෙරිණි.

මෙම අවස්ථාවට හැරල්ඩ් ඇන්තනී පෙරේරා ශ්‍රී ලංකා කතෝලික සම්මේලනයේ සභාපති  රදගුරුතුමන් සහ එම සම්මේලනයේ සාමාජිකයෝද එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *