අයවැය ලේඛනය නොවැම්බර් 7 මැතිසබයට

ලබන වර්ෂය සඳහා (2026)  අයවැය ලේඛනය ජනාධිපති මුදල් අමාත්‍ය අනුර කුමාර දිසානායක මහතා විසින්  ලබන නොවැම්බර් මස 7 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීමට නියමිතය.

අයවැය ලේඛනය ඉදිරිපත් කරන දිනය පසුව දැනුම් දෙන බව මුදල් ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය පවසයි.

මේ අතර මුදල් ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල්  එම්.එම්.සී.පී මොහොට්ටිගෙදර මහතා පාර්ලිමේන්තු මහ ලේකම්වරියට ලිපියක් යොමු කරමින් අයවැය ලේඛනය ඉදිරිපත් කිරීම සඳහා සියලු කටයුතු සම්පාදනය කරන ලෙස දැනුම්දී ඇත.

අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති ධුරයට පත්වීමෙන් පසුව ඔහු විසින් ඉදිරිපත් කෙරෙන දෙවැනි අයවැය ලේඛනය මෙයයි.

මෙවර අයවැය ලේඛනයෙන් රාජ්‍ය සේවකයන්ට ගොවි ධීවර වතු කම්කරු යනාදී ක්ෂේත්‍රවලට සහන රැසක් ලබාදීමට අපේක්ෂා කරන බව මුදල් අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *