හිටපු ඇමැති මනූෂ 20 FCID යට

කම්කරු හා විදේශ රැකියා හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර මහතාට ලබන (20) මූල්‍ය අපරාධ විමර්ශන දිශාවේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාශය හමුවේ පෙනී සිටින ලෙස දැනුම්දී ඇත.

ඔහු මෙසේ කැඳවා ඇත්තේ මුදල් විශුද්ධිකරණ පනත ප්‍රකාරව කරන ලද විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ගැනීම සඳහා යැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කළේය.

මනුෂ නානායක්කාර මහතා කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය ධූරය දරන කාලයේදී නීති විරෝධී ආකාරයෙන් දේපළ හා වත්කම් උපයාගෙන ඇත්දැයි යන්න සම්බන්ධයෙන් සොයා බැලීම මෙම පරීක්ෂණයේ අරමුණ බව පොලිසිය පවසයි.

මේ සම්බන්ධයෙන් අප හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා අනිද්දා නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාශයට කැඳවා ඇති බවයි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *