නුවරඑළියේ පාරේ වැඩට ඇමැති බිමල් ඉලක්කයක් දෙයි

නුවරඑළියේ මාර්ග සංවර්ධනයට වෙන් කරන ලද මුදල් වැයකර දෙසැම්බර් 31 වන විට සියලු වැඩ අවසන් කළ යුතු බව  ප්‍රවාහන, මහා මාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා  අමාත්‍ය බිමල් රත්නායක මහතා මෙහිදි පැවසීය.

නුවරඑළිය දිස්ත්‍රික්කයේ ග්‍රාමීය මාර්ග සංවර්ධනය සඳහා රුපියල්  මිලියන 350 ක මුදලක් වෙන්කර තිබෙන බවද අමාත්‍යවරයා කීය.

එම ප්‍රතිපාදනය ග්‍රාමීය මාර්ග සංවර්ධනය සදහා ප්‍රමුඛතාව අනුව යොදා ගන්නා ලෙසද අමාත්‍යවරයා දැනුම් දුන්නේය.

අමාත්‍යවරයා මේ බව කීවේ නුවරඑළිය දිස්ත්‍රික් ප්‍රවාහන ක්ෂේත්‍රයේ හා මහා මාර්ග ක්ෂේත්‍ර සම්බන්ධයෙන් නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති විශේෂ සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදීය.

නුවරඑළිය දිස්ත්‍රික්කයේ මාර්ග සංවර්ධන කටයුතු විධිමත්ව නිසි කලට සිදු කර ගැනීම සදහා ඒ ඒ ප්‍රදේශවල මහජන නියෝජිතයන්ගේ සහ රාජ්‍ය නිලධාරීන්ගේ අධික්ෂණය සහ මග පෙන්වීම අත්‍යාවශ්‍ය බව බිමල් රත්නායක අමාත්‍යවරයා මෙම රැස්වීමේදී අවධාරණය කළේය.

මීට සමගාමීව  ප්‍රවාහන අමාත්‍යාංශයේ නුවරඑළිය දිස්ත්‍රික් කමිටුවක් ස්ථාපනය කර එහි සභාපතිවරයා ලෙස  නුවරඑළිය දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මංජුල සුරවීර ආරච්චි මහතා පත්කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *