විපක්ෂය කුමන්ත්‍රණ කරන්නේ ආණ්ඩුව තියාගන්න

විපක්ෂය කුමන්ත්‍රණ කරන්නේ ආණ්ඩුව එලවන්න නොව ආණ්ඩුව තියාගන්න යැයි සමගි ජන බලවේගයේ මැද කොළඹ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර් රහුමාන් මහතා පැවසීය.

ජනාධිපති පාර්ලිමේන්තුවට ඇවිත් කුමන්ත්‍රණයක් ගැන කතා කළ බව කී මන්ත්‍රීවරයා නමුත් එවැනි කිසිදු කුමන්ත්‍රණයක් විපක්ෂයේ නැතැයිද කීය.

වැඩ කරන්න පුළුවන් කියා ආවා නම් ඒ වැඩේ කරලා මිස යන්න දෙන්න බැරි බව කී මුජිබුර් රහුමාන් මහතා බාර ගත්ත දේ කරලා මිස ආපහු කොහේ යන්නදැයි ප්‍රශ්න කළේය.

විපක්ෂය කිසි විටෙක කකුලෙන් අදින්නේ නැතැයි ද මන්ත්‍රී ධුර 159කුත් ජනාධිපති ධුරයකුත් දුන් පසුවත් ජනාධිපති පාර්ලිමේන්තුවට ඇවිත් කුමන්ත්‍රණ කතා කියමින් පොඩි ළමයෙක් වගේ අඬන්නේ ඇයි දැයි රහුමාන් මහතා  ප්‍රශ්න කළේය.

කොළඹදී මාධ්‍යයට ප්‍රකාශයක් කරමින් මුජිබුර් රහුමාන්  මහතා මේ බව කීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *