වලස් කටා අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධකරුවකු සහ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන   කෙහෙල්බද්දර පද්මේගේ මෙරට තුළ මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවන තිළිණ සම්පත් හෙවත් වලස් කටා නැමැත්තා අත්අඩංගුවට ගත් බව බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසය කියයි.

එම සැකකරු සන්තකයේ තිබී රුපියල් ලක්ෂ 50 කට අධික වටිනා හොරයින් මත්කුඩු තොගයක් පොලිස් භාරයට ගෙන ඇත.

ඒ කෙහෙල්බද්දර පද්මේගේ සමීපතම ගෝලයාවන පස් දේවා නම් පුද්ගලයාගෙන් රඳවාගෙන ප්‍රශ්න කළ පසු හෙළිකළ තොරතුරුවලට අනුවයි.

වලස් කටා නැමැත්තා සීදුව ප්‍රදේශයේදී මෝටර් රථයකින් ගමන් කරමින් සිටියදී ලද තොරතුරක් අනුව අත්අඩංගුවට ගෙන ඇති අතර එහිදී සිදුකළ පරීක්ෂා කිරීමේදී මෝටර් රථයේ සඟවා තිබූ හෙරොයින් ග්‍රෑම් 550ක් සොයා ගත් බව පොලිසියකියයි

ඔහු ගණේමුල්ල ප්‍රදේශයේ 36 හැවිරිදි පදිංචිකරුවෙකි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *