වත්කම් බාර නොගන්නා ලොක්කන්ට අල්ලසෙන් රතු එළියක්

වත්කම් බැරකම් ප්‍රකාශ පසුගිය ජුනි මස 30 වැනිදායින් පසු බාර නොගන්නා ආයතන ප්‍රධානීන් සම්බන්ධයෙන් දැනුම් දෙන ලෙස අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව එම ප්‍රකාශ බාරදිය යුතු රජයේ නිලධාරීන්ගෙන් ඉල්ලීමක් කරයි.

එම ප්‍රධානීන් සම්බන්ධයෙන් කොමිෂන් සභාව විසින් නීතියට අනුව කටයුතු කෙරෙනු අැත

මේ අතර වත්කම් බැරකම් ප්‍රකාශ බාර නොදුන් නිලධාරීන් සිටී නම් හැකි ඉක්මනින් එම ප්‍රකාශ තමා ආයතන ප්‍රධානීන්ට බාරදී තමන්ට නියම විය හැකි පරිපාලන දඩ මුදල අවම කර ගන්නා ලෙස එම කොමිසම දැනුම්දෙයි

ප්‍රමාද වූ වත්කම් සහ බැරකම් ප්‍රකාශ සම්බන්ධයෙන් පසුගිය ජුනි මස 30 වැනිදා සිට අගෝස්තු 31 දක්වා පනතේ ප්‍රකාරව ෙෙදනිකව දඩ මුදලක් අය කෙරේ. එය එක් දිනක් වෙනුවෙන් මාසික වැටුපෙන් තිහෙන් එකකි.

වත්කම් බාර දිය යුතු නිලධාරීන් සිය වත්කම් බැරකම් ප්‍රකාශ අල්ලස් දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට බාරදීම සඳහා සිය ආයතන ප්‍රධානියාට ඉදිරිපත් කළ යුතු අවසාන දිනය වූයේ ජුනි මස 30 වැනිදාය.

වත්කම් සහ බැරකම් ප්‍රකාශ ආයතන ප්‍රධානියාට මෙම මස 31 වැනිදා වනවිටත් බාරදීමට අපොහොසත් වන නිලධාරීන්ට 2023 අංක 9 දරණ දූෂණ විරෝධී පනතේ90 වගන්තිය ප්‍රකාරව නඩු පැවරීමට පියවර ගන්නා බව අල්ලස් කොමිසම පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *