පාර්ලිමේන්තු සේවාකාවන්ගේ හිංසන සොයන්න හිටපු විනිසුරුවරියක්

පාර්ලිමේන්තුවේ තොරතුරු පද්ධති සහ කළමනාකරණ දෙපාර්තමේන්තුවේ ඇතැම් සේවිකාවන්ට එහි ඇතැම් ප්‍රධානීන්ගෙන් පසුගිය කාලයේදී සිදුවී ඇතැයි පැවැසෙන විවිධ හිංසන ක්‍රියා සහ අඩන්තේට්ටම් සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වීමට හිටපු මහාධිකරණ විනිසුරු සුජාතා අලහප්පෙරුම මහත්මිය පත් කරනු ලැබ සිටින්නීය.

ඇය මෙරට ප්‍රධාන පෙළේ ආන්දෝලනාත්මක නඩු විභාග ගණනාවක් මෙහෙයවූ ජ්‍යෙෂ්ඨ පළපුරුදු විනිසුරුවරියකි.

පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල උපදේශක සභාව ගෙන ඇති තීරණයක් අනුව මෙම පත් කිරීම කරනු ලැබ ඇත්තේ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න මහතා විසිනි.

හිටපු මහාධිකරණ විනිසුරුවරිය මේ සිද්ධිය සම්බන්ධයෙන් ලබන 11 වැනිදා විමර්ශන ආරම්භ කිරීමට නියමිත බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *