යටිනුවර ත්‍රිපුද්ගල මරණයට කෝටිපති ව්‍යාපාරිකයෙක්ගෙන් ප්‍රකාශයක්

යටිනුවර ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක චම්පික නිලන්ත විජේරත්න මහතා සියදිවි නසා ගැනීමට කලින් ලියා තිබූ පිටු පහක ලිපියෙන් මෙම සිද්ධියට වගකිවයුතු බවට චෝදනා නගා තිබූ මහනුවර කෝටිපති ව්‍යාපාරිකයාගෙන් විශේෂ පොලිස් කණ්ඩායමක්  පැය හතරකට ආසන්න කාලයක් තිස්සේ ප්‍රශ්න කර ප්‍රකාශයක් ගත් බව පොලිසිය සඳහන් කරයි.

කෝටිපති ව්‍යාපාරිකයාට කරන ලද දැනුම් දීමක් අනුව මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම සඳහා පත් කර තිබෙන ගම්පොළ කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි එරික් පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු විශේෂ පොලිස් කණ්ඩායම හමුවේ ඊයේ උදේ එකොළහට පමණ පෙනී සිට ඇති අතර එම ප්‍රශ්න කිරීම් සවස තුන දක්වා සිදු කළ බව පොලිස් ආරංචි මාර්ග අනාවරණය කළේය.

සිද්ධියට අදාළව ප්‍රශ්න කර ප්‍රකාශය ලබා ගැනීමෙන් අනතුරුව එම කෝටිපති ව්‍යාපාරිකයා මුදාහළ බව පොලිසිය කියයි.

පිළිමතලාව ප්‍රදේශයේ ඉපැරණි වලව්වක් විකිණීම සම්බන්ධයෙන් විපක්ෂ නායකවරයා සහ මෙම කෝටිපති ව්‍යාපාරිකයා අතර ආරවුලක් තිබී ඇති අතර වලව්ව සහිත ඉඩම මතක දී කෝටි දෙකහමාරකට විකුණා ඇතත් එය කෝටි පහකට විකිණීමට බලාපොරොත්තු ව සිට ඇතැයි පරීක්ෂණවලින් තොරතුරු හෙළි වී ඇතැයි පොලිසිය සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *