අගෝස්තු මස ඉන්ධන මිලේ වෙනසක් නෑ

ඉන්ධන මිල සූත්‍රයට අනුව අගෝස්තු මස ඉන්ධන මිල වෙනස් නොවන බව ලංකා ඛනිජ තෙල් නීතිගතත සංස්ථාව ඊයේ (31) පස්වරුවේ පැවසීය. අගෝස්තු මාසයේ ද ජූලි මස පැවති ඉන්ධන මිල නොවෙනස්ව ක්‍රියාත්මක වන බව ද එම සංස්ථාවේ උසස් නිලධාරියෙක් කීය.

ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 305 ක, ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 341 ක, ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 289 ක, සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 325 ක සහ භූමිතෙල් ලීටරයක මිල රුපියල් 185 ක තවදුරටත් පවතින බව ද එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *