ඉස්කෝල 809ක් නමට ජාතික පාසල් කරලා

පාසල් 809ක් පසුගිය කාලයේදී  ජාතික පාසල් ලෙස නාම මාත්‍රිකව නම් කර  ඒවායේ  නාමපුවරු සැකසීම වෙනුවෙන් රුපියල් ලක්ෂ 20කට වැඩි   මුදලක් නිකරැණේ නාස්ති   ඇති බව   රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේදී (කෝපා කමිටුව) තොරතුරැ අනාවරණය විය

මේ  අතර ශ්‍රී ලංකාවේ අනුමතවූ ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් නොමැති බවද  එහිදී හෙළිවී අැත

හැකි ඉක්මනින් ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් සකස්කිරීමට කටයුතු කරන ලෙස  කමිටුව නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

පසුගිය ආණ්ඩු සමයේ ආරම්භ කළ ජාතික පාසල් ප්‍රමාණය 1000 දක්වා සංවර්ධනය කිරීමේ වැඩසටහන සම්බන්ධයෙන් සහ රාජ්‍ය අමාත්‍යාංශය යටතේ ආරම්භ කළ ව්‍යාපෘති 72  සම්බන්ධයෙන්  කෝපා කමිටුව වාර්තාවක් කැඳවීය.

අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය වර්තමානයේ කටයුතු කරන ආකාරය සම්බන්ධයෙන් කෝපා කමිටුව  පැසසුම්  පිරිනැමීය

මේ පිළිබඳ තොරතුරැ  අනාවරණය වූයේ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ 2023 වර්ෂයේ විගණකාධිපති වාර්තාව හා වර්තමාන කාර්යසාධනය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට  රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව (COPA) පාර්ලිමේන්තු මන්ත්‍රී අරවින්ද සෙනරත් මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා (23) පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.

ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව විවිධ අවස්ථාවල අධ්‍යාපනය සම්බන්ධයෙන් දුන්  විවිධ නිර්දේශවලින්  ඇතැම් නිර්දේශ පමණක් ක්‍රියාත්මක වී ඇති බව  මෙහිදී නිලධාරීහු පෙන්වා දුන්හ. මේ සම්බන්ධයෙන් කෝපා  සභාපතිවරයා පෙන්වා දුන්නේ මෙය අතිශයින්ම කණගාටුවට කාරුණක් බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *