දේශබන්දු යෝජනාවේ පුස්තකය පිටවේ

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා එම ධූරයෙන් නෙරපා හැරීමේ යෝජනාව ඇතුළත් කෙරුණු පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකය ඊයේ(25) නිකුත් කෙරිණ.

එම යෝජනාව පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයේ සම්පූර්ණ දින පහක්  තැබීමෙන් පසු  ඕනෑම දිනයක  එය විවාදයට ගත හැකි වේ.

මේ අනුව යෝජනාව පිළිබඳ විවාදය ලබන මස 5 වැනිදා පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව ඊයේ (25) තීරණය කළේය.

මේ අතර පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහි විසමාචාර චෝදනා විමර්ශන කෙරුණු මැතිසබේ ත්‍රිපුද්ගල කමිටුවේ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇත්තේ ඉංග්‍රීසි භාෂාවෙන් පමණි. එය සිංහල සහ දෙමළ භාෂාවන්ට පරිවර්තනය කිරීමටද  කටයුතු කරගෙන යන බව සභානායක කාර්යාලය පවසයි.

මෙම පරිවර්තන කටයුතු සඳහා භාෂා පරිවර්තක දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් අද (26) දිනයේද රාජකාරි කිරීමට නියමිතය.

කමිටු වාර්තාවේ ඉංග්‍රීසි පිටපත සියලුම මන්ත්‍රීවරුන්ට මේ වනවිට බෙදාදී  අවසන් කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *