සියලු සමාගම් අවසන් ප්‍රතිලාභියා හෙළි කළ යුතුයි

සමාගම් පණතේ ලියාපදිංචි වී ඇති සියලු සමාගම්  අවසන්  ප්‍රතිලාභියා කවුදැයි මාස හයක් ඇතුළත රජයට දැනුම් දිය යුතු බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන

අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.

“අප රටේ සමාගම් හරහා සිදුවන වංචා දූෂණ ගැන විවිධ කතා අහන්න ලැබෙනවා. ඒ නිසා අපි මෙ සංශෝධන සිදු කෙරෙනවා.ගෙවල් වල ඉන්න රියැදුරු මහතුන්ගේ නමින් ද කොම්පැනි ගත්ත ඉතිහාසයක් තිබෙනවා.එමෙන්ම මුදල් විශුද්ධිකරණය ගැන කතා අප අහල තිබෙනවා.

ඩේසි ආච්චිගේ කතාවත් ඒ වගේ එකක්.මුදල් රැස් කරන මාර්ග කියන්න බැරි වුනාම අහක ඉන්න කෙනෙක් අල්ලනවා.ත්‍රස්තවාදයට මුදල් සැපයීම පිළිබඳවත්, මුදල් විශුද්ධිකරණය සම්බන්ධයෙනුත් අපි කටයුතු කරනවා. අපට ලෝකයේ මූල්‍ය ආයතනය සමඟ ගනුදෙනු  කරද්දී ඇතිවන බාධා වැලැක්වීමත් මේ සංශෝධනයේ අරමුණක්.

සමාගම් පණතේ ලියාපදිංචි වී ඇති සියලු සමාගම් මාස හයක් ඇතුළත ඔවුන්ගේ මෙහෙයවන්නා ,හසුරවන්නා,අවසන්  ප්‍රතිලාභියා කවුදැයි රජයට දැනුම් දිය යුතුයි. වත්කම් සඟවන තැනැත්තන්ගේ වත්කම් හෙළි කිරීමට මේ පනත මගින් නීතිමය පසුබිම සැලසෙනවා යනුවෙන්ද අමාත්‍යවරයා කීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *