“මීට පස්සේ ත්‍රස්තවාදයට මුදල් සපයන්න බෑ” – මන්ත්‍රී සරත් කුමාර

ත්‍රස්තවාදයට මුදල් සැපයීම ලංකාවේ  බහුලව සිදුවූ නමුත් දැන් ඒවා වලක්වා ගන්න කටයුතු කර තිබෙන බව මොනරාගල දිස්ත්‍රික් මන්ත්‍රී නීතිඥ සරත් කුමාර මහතා  පාර්ලිමේන්තුවේදී පැවසීය.

“මෙරට සමාගම් පණත නවසීලන්ත සහ කැනඩා නීතිය පදනම් කරගෙන සංවර්ධනය වූ පනතක්.කෙසේ වුවත් අප රටේ සමාගම් නීතියේ වර්ධනයක් අපට දකින්න තිබෙනවා. ඒ වර්ධනය තවදුරටත් පුළුල් කරමින් මේ සංශෝධනය ඉදිරිපත් කරනවා.ගෝලීය වශයෙන් ත්‍රස්තවාදය වැලැක්වීම සඳහාත් මුදල් විශුද්ධිකරණය වැලැක්වීම සඳහා නිර්දේශ දෙන ආයතනය විසින් ලෝකයේ රටවල් වලට නිර්දේශ 40ක් ලබාදී තිබෙනවා.එම නිර්දේශ නිර්දේශ වලින් 39ක් මේ වන විට ක්‍රියාත්මක කර තිබෙනවා.නමුත් චෞර ආණ්ඩු වලට නීති වලින් පැන යන්න ඕන නිසා 24 වන නිර්දේශය ක්‍රියාත්මක කරන්න පියවර ගත්තේ නෑ.අප ආණ්ඩුව පැමිණ ඒ  නිර්දේශ ක්‍රියාත්මක කරනවා.සමාගම් වල අවසන් ප්‍රතිලාභ හිමිකරුවන් මින් ඉදිරියට හෙළිදරව් කළ යුතුයි යනුවෙන්ද මන්ත්‍රීවරයා කීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *