‘‘රජය ප්‍රතිසංස්කරණයක් පෙන්නා අධ්‍යාපනය විනාශ කරනවා‘‘ – විපක්ෂ නායක

රජය සිසු පරපුර විනාශ කිරීමේ අදූරදර්ශී අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් කරා යමින් සිටින බව – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රතිසංස්කරණයක් කියා ඉතිහාස විෂය සම්පූර්ණයෙන්ම ඉවත් කරන්න උත්සාහ කරන බවත් මාලිමා රජයට බලය දුන්නේ මෙවැනි දේ වෙනුවට රටට ඔබින අධ්‍යාපනයක් ඇති කිරීමට බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව සඳහන් කළේ අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සුරංග රත්නායක මහතාගේ උපදෙස් පරිදි සමගි ජන බලවේගයේ සමගි තරුණ සංවිධානය අනුරාධපුර යාය 11 ප්‍රදේශීය රෝහල අලුත්වැඩියාවට ලක් කොට නැවත රෝහල වෙත භාරදීමේ අවස්ථාවෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමිණි.

අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රතිසංස්කරණයක් කියා අද වන විට ඉතිහාස විෂය සම්පූර්ණයෙන්ම ඉවත් කරන්න උත්සාහ කරන බවත් මෙයට විරුද්ධව සමාජයම කැලඹී පූජ්‍ය පක්ෂය ඇතුළු ආගමික නායකයන් ඊට විරුද්ධව අදහස් ඉදිරිපත් කරන බවත් විපක්ෂනායකවරයා පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *