අයථා මුදල් රැස් කළැයි කෙහෙළිය පවුලටම අධි චෝදනා

රුපියල් මිලියන 97කට අධික වත්කම් අයථා  ලෙස වත්කම් උපයා ගැනීමේ චෝදනාව සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් තුන් දෙනා සහ බෑණාට එරෙහිව කොළඹ මහාධිකරණ අධිචෝදනා භාරදුන්නේය.

අධිචෝදනා බාර දීමෙන් අනතුරු  විත්තිකරුවන් හය දෙනා එක් අයකුට රුපියල් 50,000ක මුදල්  සහ රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීරය ඇප දෙකක් මත මුදා හැරීමට අධිකරණ නියම කළේය.

විත්තිකරුවන්ගේ විදේශ ගමන් තහනම් කළ අධිකරණය විදේශ ගමන් බලපත්‍ර අධිකරණයට බාර දෙන්නැයි  මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න මහත්මිය නියම කළාය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *