නීති විරෝධී යතුරුපැදිවලට කුරුලු උයනේ හිමිකරු අත්අඩංගුවට

නීති විරෝධී ලෙස මෙරටට ආනයනය කරන ලද රුපියල් කෝටි ගණනාවක් වටිනා නවීන පන්නයේ යතුරුපැදි සඟවා තිබූ හම්බන්තොට  නාගර වැව කුරුලු උයනේ හිමිකරු  නාරහේන්පිට  පුද්ගලික රෝහලකදී අත්අඩංගුවට ගත් බව මධ්‍යම අපරාධ කොට්ඨාසය කියයි

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ,කෝට්ටේ , පිටකෝට්ටි පාගොඩ  පාරේ  පදිංචි 58 හැවිරිදි  පුද්ගලයෙකි

වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ නියෝග සහ උපදෙස් පත දිවයින පුරා ක්‍රියාත්මක අපරාධ සහ මත්ද්‍රව වැටලීමේ මෙහෙයුමට සමගාමීව ලද විශේෂ තොරතුරක් අනුව  මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ අධ්‍යක්ෂක පොලිස් අධිකාරී කමල් ආර්යවංශ මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් මෙම වැටලීම ඉකුත් 12 වෙනිදින  සිදුකෙරිණි

එහිදී මෙරටට ආනයනය කිරීමට  තහනම් විදෙස් රට වලනිෂ්පාදිත යතුරුපැදි 21 ක් පොලිසිය මගින් සොයා ගැනිණි

තවද කුරුලු උයන පරිශ්‍රයේ තිබී නීති විරෝධි ලෙස වගා කර තිබූ ගංචා පෙළ හතරක් සමග එම සත්ව ගොවිපළේ කළමනාකරු සහ ගබඩා පාලක ද පොලිසිය මගින් අත්අඩංගුවට ගැනිනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *