කිරි තේ මිල ඉහළට

කිරි තේ එකක මිල රුපියල් 10කින් වැඩි කිරීමට පියවර ගන්නා බව  සමස්ත ලංකා ආපනශාලා සහ අවන්හල් හිමියන්ගේ සංගමය ප්‍රකාශ කරයි.

ආනයනික කිරිපිටිවල මිල ගණන් ඉහළ දැමීමට ආනයනකරුවන් කටයුතු කිරීම හේතුවෙන් එම තීරණය ගත් බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමයේ ප්‍රකාශකයකු පැවසීය.

ආනයනික කිරිපිටි කිලෝග්‍රෑම් 1ක පැකැට්ටුවක මිල රුපියල් 250කින්ද, ග්‍රෑම් 400ක ආනයනික කිරිපිටි පැකැට්ටුවක මිල රුපියල් 100කින්ද ඉහළ දැමීමට කිරිපිටි ආනයනකරුවන්  පියවර ගනු ලැබීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *