කිරිපිටි මිල ඉහළට

කිරිපිටි ආනයනකරුවන් ආනයනික කිරිපිටි සඳහා මිල වැඩිවීමක් නිවේදනය කර තිබේ.

ඒ අනුව ග්‍රෑම් 400 පැකට්ටුවක මිල රුපියල් 100.00 කින් ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය තහවුරු කළේය.

මේ පිළිබඳව අදහස් දක්වමින් සංගම් නියෝජිතයින් පැවසුවේ පසුගිය මාස හය තුළ ජාත්‍යන්තර කිරිපිටි වෙළඳපොලේ සිදු වූ මිල ඉහළ යාම්වලට ප්‍රතිචාර වශයෙන් මෙම තීරණය ගත් බවයි.

ඒ අනුව ග්‍රෑම් 400 පැකට්ටුවක නව මිල රුපියල් 1200.00 ක් වන අතර කිලෝග්‍රෑම් 1  පැකට්ටුවක මිල රුපියල් 250.00 කින් ඉහළ ගොස් ඇත.

ඉදිරියේදී ගෝලීය කිරිපිටි මිලෙහි අඩුවීමක් සිදුවුවහොත් එම වාසිය පාරිභෝගිකයින් වෙත ලබා දෙන බවට ද ඔවුන් සහතික විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *