දුමින්ද යළි රිමාන්ඩ්

වැල්ලවත්ත හැව්ලොක් නිවාස සංකීරණයේ දී පොලිස් භාරයට ගත් ටී 56 ගිනි අවිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්,හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක මහතා ජූලි මස 15 වන දින දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට ගල්කිස්ස මහේස්ත්‍රාත් චතුරිකා ද සිල්වා මහත්මිය  නියෝග කළාය.

හතරවන සැකකරුවන දුමින්ද දිසානායක මහතාගේ එක් ආරක්ෂක නිලධාරියෙකුගෙන් පමණක් ප්‍රකාශ සටහන් කර ගැනීමට ඇති බවත් ඔහු මේ වන විට රෝගීව ප්‍රතිකාර ලබන හෙයින් ඔහුගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට නොහැකි වූ බවත් චූදිතයන්ගේ දුරකථන දත්ත වාර්තා ලැබී ඇති නමුත් ඒ සම්බන්ධයෙන් විශ්ලේෂණය කිරීමට ඇති බවත් ත්‍රස්ත මර්ධන හා විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් අධිකරණයට දැන්වීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *