2025 ජුනි වෙද්දී ඩෙංගු මරණ 16ක් : රෝගීහු 27,932 ක්

මේ වසරේ මේ දක්වා කාලයේදී  ඩෙංගු උණ රෝගීන් 27932 ක්   වාර්තා වී ඇතැයි  සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

මේ කාලයේදී සිදුව ඇති  ඩෙංගු මරණ සංඛ්‍යාව  16කි.

ඩෙංගු රෝගීන්ගෙන් සියයට 45ක් බස්නාහිර පළාතෙන්අ වාර්තාවී  ඇත. බස්නාහිර, නැගෙනහිර, සබරගමුව සහ දකුණ රෝගීන් වැඩි වශයෙන්  වාර්තා වන පළාත් ලෙස හඳුනාගෙන ඇතැයි කියන සෞඛ්‍ය අංශ   ඩෙංගුවලින් ළමා මරණයක්ද   සිදුව ඇති බව    ප්‍රකාශ කළේය.

ඩෙංගු සහ චිකන් ගුන්යා රෝග ව්‍යාප්තිය පාලනය කිරීම සදහා මදුරු මර්දන සතියක්  අද (30) සිට ලබන 6 වැනිදා දක්වා  ක්‍රියාත්මක කෙරේ

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සඳහන් කරන්නේ දිස්ත්‍රික් 16 ක්  ඉලක්ක කර ගනිමින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරෙන බවයි

නිරිත දිග මෝසම් වර්ෂාපතන තත්වය සමග මදුරු ඝනත්වය ඉහළ ගොස් ඇති බැවින්  එය පාලනය කිරීම සඳහා මෙම මදුරු මර්දන සතිය ක්‍රියාත්මක කෙරෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඩෙංගු රෝගීන්ගෙන් සියයට 45ක් බස්නාහිර පළාතෙන් වාර්තාවී  ඇත. බස්නාහිර, නැගෙනහිර, සබරගමුව සහ දකුණ රෝගීන් වැඩි වශයෙන්  වාර්තා වන පළාත් ලෙස හඳුනාගෙන ඇතැයි කියන සෞඛ්‍ය අංශ   ඩෙංගුවලින් ළමා මරණයක්ද   සිදුව ඇති බව    ප්‍රකාශ කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *