රජයේ සුපිරි වාහන වෙන්දේසිය ඉබි ගමනේ

බොහෝ රාජ්‍ය ආයතනවල සුඛෝපභෝගී වාහන  විකිණීම හෝ වෙන්දේසි කිරීම  නිසියාකාරව සිදුව නැතැයි වාර්තාවේ.

සමහර ආයතනවල වෙන්දේසි කිරීම කර  ඇත්තේ වාහන එකක් දෙකක් පමණක් බව  ආරංචි මාර්ග සඳහන් කරයි.

ඇතැම්  ප්‍රධානීන් රජයේ වගකිවයුතු තැන්වලට කතාකර සුඛෝපභෝගි වාහන වෙන්දේසි කිරීම නවත්වා තවදුරටත් රඳවා ගැනීමට අවස්ථාව සලසාගෙන  ඇති බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

මේ අනුව සුඛෝපභෝගී වාහන වෙන්දේසි කිරීමෙන්   වියදම් අඩුකර ගැනීමේ  රජයේ අරමුණ මේ වනවිට  සම්පූර්ණයෙන්ම ඉටුව නැතැයි දැනගන්නට ඇත.

පාර්ලිමේන්තුවේ සභානායක කාර්යාලයේ සුපිරි වාහන තුනක් වෙන්දේසි කිරීමද බලාපොරොත්තු වූ මිල ගණන් ඉදිරිපත් නොවීම හේතුවෙන් දෙවෙනි වතාවටත් ටෙන්ඩර් කැඳවීමට තීරණය කර ඇත

Leave a Reply

Your email address will not be published. Required fields are marked *