නුවරඑළිය – නානුඔය දුම්රිය මාර්ගය සංවර්ධනය කරන්න යයි

අතහැර දමා ඇති නුවරඑළිය – නානුඔය දුම්රිය මාර්ගය පෞද්ගලික අංශය හා ඒකාබද්ධව සංවර්ධනය කිරීමට රජය තීරණය කර ඇතැයි ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පැවැසීය.

එම දුම්රිය මාර්ග අයිතිය දුම්රිය දෙපාර්තමේන්තුව යටතේ තිබියදී එම කාර්ය සිදු කරන බව අමාත්‍යවරයා කීය.

සංචාරක කර්මාන්තය දියුණු කිරීම  සඳහා එම පියවර ගන්නා බවද බිමල් රත්නායක මහතා පැවසීය.

එමෙන්ම  නව දුම්රිය කිහිපයක් ගෙන ඒමට ඉදිරි අයවැයෙන් යෝජනා කිරීමටද බලාපොරොත්තු වන බව ද අමාත්‍යවරයා කීවේය.

අමාත්‍යවරයා  මේ බව සඳහන් කළේ  දුම්රිය ස්ථාන 100ක් නවීකරණය කිරීමේ ව්‍යාපෘතියේ(Dream Destination) සමාරම්භක අවස්ථාවට ජනාධිපති කාර්යාලයේදී සහභාගී වෙමිනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *