දේශබන්දු පැය දහයකටත් වඩා සාක්කි දෙයි

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් කර ඇතැයි කියන විෂමාචාර සහ සිය ධුරයේ බලතල බරපතල අන්දමින් අනිසි ලෙස යොදාගැනීම සම්බන්ධයෙන් විමර්ශනය කර වාර්තා කිරීමට පත් කළ පරීක්ෂණ කමිටුව වග උත්තරකාර පොලිස්පතිවරයාගේ සාක්ෂි ලැයිස්තුවේ සාක්ෂිකරුවන්ගෙන් සාක්ෂි ලබා ගැනීම ඊයේ(23) ආරම්භ කළේය.

වගඋත්තරකාර පොලිස්පතිවරයා වෙනුවෙන් සාක්ෂිකරුවන් 15 දෙනෙක් සාක්ෂි ලබාදීමට නියමිතය. මේ අනුව ඊයේ දින  උදෑසන 9.30 සිට රාත්‍රී 8.00 පමණ වන තෙක් වගඋත්තරකාර පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා   පරීක්ෂණ කමිටුව ඉදිරියේ  සාක්ෂි ලබාදීම සිදුවිය.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු පී.පී. සූරසේන මහතාගේ සභාපතිත්වයෙන් සහ විනිසුරු ඩබ්ලිව්.එම්.එන්.පී. ඉද්දවල සහ ජාතික පොලිස් කොමිෂන් සභාවේ සභාපති ඊ.ඩබ්ලිව්.එම්. ලලිත් ඒකනායක යන මහත්වරුන්ගේ සාමාජිකත්වයෙන් කමිටුව රැස්විය.

ඒ අනුව වගඋත්තරකාර පොලිස්පතිවරයා වෙනුවෙන් සාක්ෂි ලබාදීමට නියමිත සාක්ෂිකරුවන්ගේ  සාක්ෂි ලබාගැනීම  සඳහා පරීක්ෂණ කමිටුව අද (24) පෙ.ව 9.30 ට රැස්වීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *