එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් මෙරටට

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ  මහ කොමසාරිස් වෝල්කර් ටර්ක් (Volker Turk) මහතා සිව් දින නිල සංචාරයක් සදහා කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණියේය .

එතුමා සමග දූත පිරිස ලෙස තවත් එක් අයෙකු ද පැමිණ සිටියේය .

වසර 09 කට පසුව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරයෙකු මෙරටට පැමිණීම විශේෂත්වයකි .

ඔවුන් පිළිගැනීම සදහා විදේශ කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා කටුනායක ගුවන් තොටුපොළ විශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත පැමිණ සිටියේය .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *