දේශබන්දු විමර්ශන කමිටුව හැමදාම මැතිසබයට

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ධුරයේ බලතල අනිසි ලෙස යොදා ගන්නා ලදැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයට පත් කෙරුණු කමිටුව ඊයේ (16) සිට විමර්ශන අවසන් වන තෙක්ම දිනපතා රැස්වීමට තීරණය කර ඇත

ඒ අනුව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා එම කමිටුව හමුවේ පෙනී සිටියේය

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන්  සූරසේන මහතාගේ සභාපතිත්වයෙන් යුත් කමිටුවේ සෙසු සාමාජිකයින් වන්නේ විශ්‍රාමික අභියාචනාධිකරණ විනිසුරු නීල් ඉද්දවල සහ ජාතික පොලිස් කොමිෂන් සභාවේ සභාපති ඊ.ඩබ්ලිව්.එම්. ලලිත් ඒකනායක යන මහත්වරු වෙති.

පරීක්ෂණ කමිටුව මීට පෙර අවස්ථා කිහිපයකදි රැස්වී දේශබන්දු තෙන්නකෝන් මහතා ඇතුළු කිහිපදෙනෙකුගෙන්ම සාක්ෂි සටහන් කරගත්තේය.

කමිටුවේ අවසන් වාර්තාව ලබන මාසයේදී කතානායකවරයාට භාර දීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *