යුද ගැටුම් සමඟ බොරතෙල් මිල ඉහළට

ඊශ්‍රායලය සහ ඉරානය අතර හටගෙන ඇති යුදමය වාතාවරණය හේතුවෙන් ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ඉහළ ගොස් තිබේ.

ඒ අනුව ඊයේ (16) දිනයේ  WITබොරතෙල් බැරලයක මිල ඩොලර් 77.08කට අලෙවි වු අතර බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක් අලෙවි වී ඇත්තේ ඩොලර් 75.37ක් ලෙසය.

ඊශ්‍රායලය සහ ඉරානය අතර ප්‍රහාරයන් ආරම්භ වීමට පෙර පසුගිය 12වනදා ලෝක වෙළෙඳපොළේ  WITබොරතෙල් බැරලයක මිල සටහන් වුයේ ඩොලර් 68.04ක් ලෙස වන අතර බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක් අලෙවි වී තිබුණේ ඩොලර් 69.24ක් ලෙස වාර්තා වී තිබුණි.

ඒ අනුව පසුගිය සතිය තුළ ලෝක වෙළෙඳපොළේ අඛණ්ඩ වැඩිවීමක් දක්නට ලැබේ.

මැදපෙරදිග මෙම යුද වාතාවරණය අඛණ්ඩව පැවතියහොත් ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල තවදුරටත් ඉහළ යා හැකි බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන විද්‍යා අධ්‍යන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා පැවසුවේය.

මේ හේතුවෙන් මෙරට ආර්ථිකයට ද බලපෑම් එල්ල විය හැකි බව ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *