දේශබන්දු කමිටුව වැලිගම සිද්ධියට 11 සාක්ෂි කැඳවයි

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට  එරෙහි චෝදනා පිළිබඳ විමර්ශන කෙරෙන ත්‍රිපුද්ගල කමිටුව මාතර වැලිගම ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන්
ලබන 11 වැනිදා සාක්ෂි  කැඳවීමට තීරණය  කර ඇත. කමිටුව  එදින   පෙරවරු  9.00ට රැස්වීමට නියමිතය.

ශ්‍රේෂ්ඨාධිකරණයේ හිටපු විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතාගේ සභාපතිත්වයෙන් යුතු මෙම කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස අල්ලස් හෝ  දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ සභාපති අභියාචනාධිකරණයේ හිටපු විනිසුරු නීල් ඉද්දවල සහ ජාතික පොලිස් කොමිෂන් සභාවේ සභාපති මහාධිකරණ විනිසුරු ලලිත්  ඒකනායක  යන මහත්වරු කටයුතු කරති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *