දන්සැල් ගැන දැනුම් දීමක්

බෝවන රෝග සහිත පුද්ගළයින් දන්සල් සංවිධාන කටයුතු වලින් සහ දන්සල් වලට සහභාගී වීමෙන් වලකින්නැයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.

මේ දිනවල බොවෙන රෝග සීඝ්‍රයෙන් පැතිරීම හේතුවෙන් අන් අයගේ යහපතා තකා හැකි තරම් සෞඛ්‍ය පුරුදු අනුගමනය කරන ලෙසත් එම සංගමයේ ලේකම් චමිල් මුතුකුඩ මහතා පැවසීය.

දිවයින පුරා පැවැත්වෙන සියලු දන්සැල් වෙසක් සතිය පුරාවට අඛණ්ඩව පරීක්ෂා කිරීම් වලට ලක් කරන බවද ඔහු සඳහන් කළේය.

අපිරිසිදු ආකාරයට ආහාර පිලියෙළ කරන සහ සනීපාරක්ෂාවට අහිතකර ආකාරයෙන් ආහාර පිළියෙළ කරන දන්සල් එම ස්ථානයේදිම නතරකිරීමට කටයුතු කරන බවද මුතුකුඩු මහතා පැවසීය.

වෙසක්  උත්සවයට සමගාමීව දිවයින පුරා දන්සැල් 8894ක් ලියාපදිංචි වී ඇති බවත්  ඔහු කීවේය.

එම දන්සල් පරීක්ෂා කිරීම සඳහා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 2500ක් යොදවා ඇතැයි ද මුතුකුඩ මහතා තවදුරටත් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *