Gamunu Wijerathna

ඡන්ද වැඩට බස් දාහක් දුන්නා – බස් ගැමුණු කියයි

මෙවර පැවැත්වෙන පළාත් පාලන මැතිවරණයේ සේවාවන් සඳහා සමස්ත ලංකා බස් රථ හිමියන්ගේ සංගමයේ මගී බස් රථ 1000කට වැඩි ප්‍රමාණයක් ලබාදීමට තම සංගමය කටයුතු කළ බව සමස්ත ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා ඊයේ ‘දිවයින’ට පැවසීය.

ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයට බස් රථ 160ක්ද යාපනය දිස්ත්‍රික්කයට බස් රථ 560කට අධික ප්‍රමාණයක් ලබාදුන් බවද ඒ මහතා පැවසීය.

ඉන් අමතරව ඊයේ පැවැත්වූ පළාත් පාලන පාලන මැතිවරණයට සමගාමීව දිවයිනේ සෑම පළාතකටම 50%ක් පමණ මගී බස් රථ ධාවනය සිදුකිරීමට අප සංගමය කටයුතු කළ බවද ඒ මහතා පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *