දේශබන්දු කමිටුව වැඩ අරඹයි

පොලිස්පති දේශබන්දු  තෙන්නකෝන් මහතා සිය ධූරයේ බලතල අනිසි අන්දමින් පාවිච්චි කරන ලදැයි ඉදිරිපත්ව ඇති චෝදනා සම්බන්ධයෙන් විමර්ශන පත් කිරීමට පත් කෙරුණු ත්‍රිපුද්ගල කමිටුව පොලිස් විමර්ශන කණ්ඩායමේද සහාය ඇතිව විමර්ශන ආරම්භ කිරීමට තීරණය කර ඇත.

මේ අනුව එම කමිටුව විසින් අද හෙටම විමර්ශන ආරම්භ කෙරෙනු ඇත.

ත්‍රිපුද්ගල කමිටුව පාර්ලිමේන්තු සංකීර්ණයේදී පෙරේදා (28) තෙවැනි වතාවට රැස්විය. මෙම තීරණය ගෙන ඇත්තේ එම රැස්වීමේදීය.මේ අතර  පොලිස්පති දේශබන්දු  තෙන්නකෝන් මහතාට එරෙහි චෝදනා පිළිබඳව  විමර්ශන කටයුතු කරන ආකාරය සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහා කමිටුව අද(30)  නැවත රැස්වීමට නියමිතය.

ත්‍රිපුද්ගල  කමිටුවේ විමර්ශන කටයුතුවලට සහායවීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීහු සිවු  දෙනෙක් පත් කරනු ලැබ සිටිති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *