මැතිවරණය

ඡන්ද පත්‍රිකා දෙකෝටි පනස්දෙලක්‍ෂ මුද්‍රණය කරයි

පළාත් පාලන මැතිවරණය (2025) සඳහා ඡන්ද පත්‍රිකා දෙකෝටි පනස්දෙලක්‍ෂ හයදහස් පන්සිය තිස්තුනක් (25,206,533) මුද්‍රණය කළ බවත් අධිකරණ කටයුතුවලින් පසුව ඡන්ද පත්‍රිකා හතලිස්පන්ලක්‍ෂ අනූහත්දහස් හයසියඅටක් (4,597,608) නැවත මුද්‍රණය කිරීමට සිදුවූ බවත් රජයේ මුද්‍රණාලයාධිපති ප්‍රදීප් පුෂ්පකුමාර මහතා පැවසීය.

පළාත් පාලන ආයතන 102 ක තැපැල් ඡන්ද පත්‍රිකා සම්පූර්ණයෙන්ම නැවත මුද්‍රණය කිරීමට සිදුවූ බවත් පළාත් පාලන ආයතන 71 ක සාමාන්‍ය ඡන්ද පත්‍රිකා ද සම්පූර්ණයෙන්ම නැවත මුද්‍රණය කිරීමට සිදුවූ බවත් ඒ මහතා කීය.

සියලුම ඡන්ද පත්‍රිකා පසුගිය 26 වැනිදා වන විට මුද්‍රණය අවසන් කර ඊයේ (28) වන විට මැතිවරණ ලේකම් කාර්යාලය හරහා දිස්ත්‍රික් ලෙක්ම් කාර්යාලවලට යොමු කළ බව ද ඒ මහතා පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *