වාද්දුවේ සිද්ධියට පොලිසියේ 4ක් අත්අඩංගුවට

වාද්දුව පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇප මත මුදාහැරි පුද්ගලයකු රෝහල්ගත කිරීමෙන් අනතුරුව මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලින් අනතුරුව වාද්දුව පොලිසියේ කොස්තාපල්වරුන් 4 දෙනකු  අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා පැවැසීය.

පානදුර කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ උපදෙස් මත පානදුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය සිදුකළ විමර්ශනවලින් පසුව එම මියගිය පුද්ගලයාට පහරදීමේ චෝදනාව යටතේ සැකකාර කොස්තාපල්වරුන් 4 දෙනා අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකාර කොස්තාපල්වරුන් 4 දෙනා පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

එම විෂමාචාර ක්‍රියාව හේතුවෙන් පානදුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ උපදෙස් මත අත්අඩංගුවට ගත් කොස්තාපල්වරුන්ගේ වැඩ තහනම් කිරීමට ද පියවර ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *