සංවිධානාත්මක අපරාධකරුවෙක් අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධකරුවකු වන රන්කැටියා නමැත්තාගේ ප්‍රධාන ගෝලයෙක්, හිටපු යුද හමුදා සෙබළෙක් ඇතුළු සිව් දෙනෙක් අත්විලංගු යුගලක්, ව්‍යාජ ගිනි අවියක්, හමුදා සහ පොලිස් නිල ඇඳුම් සහ ඇත්දලළ යුගලක් සමග ඊයේ  අත්අඩංගුවට ගත් බව මහාබාගේ පොලිසිය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ රාගම ප්‍රදේශයේ පදිංචි අවුරුදු 29 ත් 39 ත් අතර වයස්වල පසුවන සිව් දෙනෙකි.

මහා භාගේ පොලිසියේ නිලධාරීන් කණ්ඩායමකට ලද තොරතුරක් මත  ඇලපිටිවල, මඟුල් පොකුණ, හොරපේ යන ප්‍රදේශවල වැටලීම සිදුකර ඇත.

සැකකරුවන් සන්තකයේ තිබී යුද හමුදා ක්‍රීඩා ටී ෂර්ට් එකක්, කැමා ටී ෂර්ට් 2 ක්, යුද හමුදා නිල ඇඳුම් දෙකක්, ඉණ පටියක්, පුවස් එකක්, ව්‍යාජ පිස්තෝලයක්, අඟල් 32 ක ඇත්දල යුගලක්, පොලිස් ක්‍රීඩා ටී ෂර්ට් තුනක්, පොලිස් ගමන් කථනයක්, අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10ක්  සහ මිළිග්‍රෑම් 700ක් පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *