පොලිසියේ ලොකුපුටු 4කට ස්ථාන මාරු

ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය පරිදි  ඉහළ පොලිස් නිලධාරීන් තිදෙනෙකුට හා නිලධාරිනියකට පෙබරවාරි 05 දා සිට ක්‍රියාත්මක වන පරිදි    ස්ථාන මාරුවීම් ලබා දී ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය කියයි.

ඒ අනුව, බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කේ. පී. එම් ගුණරත්න මහතා සබරගමුව පළාතට භාර  ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙසද  සබරගමුව පළාත භාර  ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එස්. එම්. ධර්මරත්න මහතා  බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙසද, කළුතර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ජී.ඒ.එන්.එල් විජේසේන මහතා  සුභ සාධන දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ලෙස ස්ථාන මාරු කර තිබේ.

සුභසාධන දිසාව භාර රාජකාරි ඉටුකිරීමේ  නියෝජ්‍ය පොලිස්පති ඩබ්. ජේ. පද්මිණි මහත්මිය කළුතර  දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති තනතුරේ රාජකාරි ඉටු කිරීම සඳහා ස්ථාන මාරු කර ඇති බවද පොලිස් මාධ්‍ය කොට්ඨාසය පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *