කෝටියක කහ කල්පිටියෙන් අල්ලයි

නීති විරෝධී ලෙසින් ඉන්දියාවේ සිට මෙරටට මුහුදු මගින් රැගෙන ආ රුපියල්  ලක්ෂ 110  කට ආසන්න වටිනාකමකින් යුතු,කහ ඇසුරුම් 48 ක්,ලොරි රථයකින් ප්‍රවාහනය කරමින් සිටියදී  කල්පිටිය කන්දකුඩාව ඉන්ධන පිරවුම් හළ අසලදී අත් අඩංගුවට ගත් බව කල්පිටිය පොලිසිය පවසයි.

රියදුරු, රිය සහායක සහ භාණ්ඩ ප්‍රවාහනයට සහාය වු යතුරු පැදියක්, එහි පැදිකරු සහ පසු පැදිකරු ද අත් අඩංගුවට ගෙන ඇත.

මෙම ලොරි රථය කල්පිටියේ සිට පුත්තලම දෙසට ප්‍රවාහනය කරමින් තිබී ඇත. කහ ඇසුරුම් 48 තුළ කහ කිලෝ 1839 ක් තිබී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *