මාදිවෙල මන්ත්‍රී නිවාසව කුලිය යළි තක්සේරුවට

‘පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නිල නිවාස පිහිටි මාදිවෙල නිවාස සංකීර්ණයේ නිවසක් සඳහා මාසිකව අයකරන්නේ රුපියල් 2000 ක් පමණයි. රජයේ ප්‍රතිපත්තිය නැවත තක්සේරු කිරීම නම් එම නිවාසද නැවත තක්සේරු කර නියමිත කුලිය අය කිරීම කල යුතුයි‘ යැයි පොදුජන අයිතීන් සුරැකීමේ වෘත්තීය  එකමුතුවේ ප්‍රධාන ලේකම් නීතීඥ රවීන්ද්‍ර ජයසිංහ මහතා මාධ්‍ය හමුවක් පවත්වමින්  පැවසීය

එහිදී වැඩි දුරටත් අදහස් දැක් වූ නීතීඥ රවීන්ද්‍ර ජයසිංහ මහතා :-

පාර්ලිමේන්තුව ආසන්නයේම පිහිටි මාදිවෙල නිවාස සංකීර්ණයේ නිවසක් සඳහා මාසික කුලී මුදල් වශයෙන් අයකරනු ලබන්නේ රුපියල් දෙදහසක් (රු.2000.00 ) පමණයි. රජය විසින් ලබාදී ඇති නිල නිවාස නැවත තක්සේරු කිරීමේ ක්‍රමවේදයකට ගමන් කරන්නේ නම් , එම නිවාසද නැවත තක්සේරු කර නියමිත මාසික කුලිය අයකිරීමට කටයුතු කළ යුතුයි.

වත්මන් රජය බලයට පත්වීමට පෙර , ජනතා නියෝජිතයින්ට ලබාදෙන සියළු වරදාන වරප්‍රසාද අහිමි කළ යුතු බව පැවසුවත් මේ වන විට  එක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු මාසිකව රුපියල් ලක්ෂ 06 කට වැඩි වරප්‍රසාද භුක්ති විදිනවා. ඒ අනුව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 159 දෙනා වෙනුවෙන් මාසිකව රුපියල් කෝටි නවයහාමාරක (9.5 ක) ප්‍රමාණයක් ලබාගන්නවා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *