වායු ගුණත්වයේ අහිතකර මට්ටම පහව යන ලකුණු

දිවයිනේ නාගරික ප්‍රදේශවල වායු ගුණත්වයේ මේ දිනවල පවතින  අහිතකර මට්ටම  ක්‍රමයෙන් අඩුවනු ඇතැයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.

වායු ගුණ තත්ත්ව දර්ශකය ඊයේ සහ පෙරේදා දිනවල  100 ත් 150 ක් අතර මට්ටමක පැවති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ පරිසර අංශයේ අධ්‍යක්ෂක සරත් ප්‍රේමසිරි මහතා පැවසීය.

දකුණු ආසියාතික රටවල සිට ඊසාන දෙසින් හමා එන සුළං ප්‍රවාහය වායු ගුණත්වයේ  අහිතකර මට්ටමට බලපා ඇතැයි ද ඔහු කීවේය.

මෙය සංවේදී පුද්ගලයින්ට අහිතකර මට්ටමක් වන බැවින් ඒ පිළිබඳ අවධානය යොමුකළ යුතු බවත් ඔහු සඳහන් කළේය.

වායු ගුණ තත්ත්ව දර්ශකය 50 ට අඩු මට්ටමක පැවතිය යුතු බවත් ප්‍රේමසිරි මහතා තවදුරටත් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *