ලයිට් බිල ගැන මහජන අදහස් විමසයි

විදුලිය ගාස්තු ලබන වසරේ මුල් මාස හය දක්වා එලෙසම පවත්වාගෙන යෑමට විදුලිබල මණ්ඩලය  කළ යෝජනාව සම්බන්ධයෙන් මහජන අදහස් විමසීමට  ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව තීරණය කර ඇත.

තව දෙසතියකින් මහජන අදහස් ලබා ගැනීම අරඹන බව එම කොම්ෂන් සභාවේ සභාපති මහාචාර්ය කේ.පී.එල් චන්ද්‍රලාල් මහතා පැවසීය.

ඒ සම්බන්ධයෙන් විදුලිබල මණ්ඩලයේ යෝජනාව ගැන මහජන උදයෝගීතා කොමිෂන් සභාව  විසින්  විශේෂ අධ්‍යයනයක්ද අරඹනු ලැබ ඇත.

මෙම අධ්‍යනයෙන් සහ මහජන අදහස් විමසීමෙන් අනතුරුව විදුලි බිල සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට කොමිසම බලාපොරොත්තු වෙයි.

විදුලිය ගාස්තු ලබන වසරේ මුල් මාස හය දක්වා එලෙසම පවත්වාගෙන යෑමට විදුලි බල මණ්ඩලය  ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාවට පසුගිය 6 වැනිදා සිකුරාදා නිර්දේශ කළේය.

මේ අතර විදුලිය බිල සැලකිය යුතු ප්‍රමාණයකින් අඩු කරන බව  රජයේ ප්‍රධානීහු  පසුගිය ජනාධිපතිවරණ සහ මහ මැතිවරණ සමයේදී ජනතාවට පොරොන්දු වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *