ශ්‍රී ලංකාවේ ගංවතුරෙන් විපතට පත් ජනතාවට සහන සැලසීම සඳහා චීන රජය රුපියල් මිලියන 30කට අධික හදිසි මානුෂීය සහන අරමුදල් පරිත්‍යාග කළේය.
ශ්‍රී ලංකාවේ චීන තානාපති Qi Zhenhong මහතා විසින් එම අරමුදල් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත පිළිගැන්වීය.
“චීන රජය සහ ජනතාව ශ්‍රී ලාංකික ජනතාව සමඟ හැඟීම් බෙදාහදා ගනී. ජනාධිපති අනුර දිසානායකගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකා රජයට සහ ජනතාවට ව්‍යසනය ජය ගැනීමටත් දුෂ්කරතා මඟහරවා ගැනීමටත් හැකිවනු ඇතැයි චීනය විශ්වාස කරයි.