අල්ලස් වැටලීම් අත්තිකාරම ප්‍රතිශෝධනයට

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අල්ලස් වැටලීම් අත්තිකාරම් ගිණුමේ සීමාවන් ප්‍රතිශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් සිදු කරනු ලබන වැටලීම් සඳහා මුදල් ලබා දීම පිණිස වැටලීම් අත්තිකාරම් ගිණුමක් පවත්වා ගෙන යනු ලබන අතර, එම අත්තිකාරම් ගිණුමේ උපරිම වියදම සීමාව රුපියල් මිලියන 50කි.

අල්ලස් වශයෙන් ලබා දෙන මුදල නිශ්චිතව තීරණය කළ නොහැකි බැවින් සහ දැනට ලැබෙන අල්ලස් පැමිණිලි වල ස්වභාවය අනුව අල්ලස් අයදින මුදල ඉතා ඉහළ අගයක් ගනු ලබන බැවින් අදාල උපරිම වියදම් සීමාව කඩිනමින් සංශෝධනය කළ යුතුව ඇත.

ඒ අනුව, අල්ලස් වැටලීම් අත්තිකාරම් ගිණුමේ උපරිම වියදම් සීමාව රුපියල් මිලියන 150 දක්වා වැඩි කිරීම පිණිස අවශ්‍ය පියවර ගැනීම සඳහා ජනාධිපති ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *